2022 අවසාන කාර්තුවේ නිවාස කුළිය අඩුම මෙල්බන් නගරයේ

2022 වසරේ අවසාන කාර්තුවේදී ඔස්ටේ්‍රලියාවේ නිවාස කුළී වැඩිම ප්‍රතිශත අගයකින් ඉහළගොස් ඇත්තේ පර්ත් නගරයේ බව නවතම සංඛ්‍යාලේඛණ අනාවරණය කරනවා.

ප්‍රතිශතයක් ලෙස එය සියයට 3.2 ක ඉහළයාමක්.

කෙසේවෙතත් සතියක නිවාස කුළිය වැඩිම නගරය ලෙස කැන්බරා වාර්තා තබන්නේ ඩොලර් 681 ක සතියක මධ්‍යයන කුළියක් සමගිනුයි.

සතියක මධ්‍යයන කුළිය අඩුම නගරය බවට මෙල්බන් පත්වන්නේ ඩොලර් 507 ක කුළියක් සමගිනුයි.

සමස්ත ඔස්ටේ්‍රලියාවේම අවසාන කාර්තුවේදී නිවාස කුළියේ වැඩිවීම සියයට 2.3 ක් බව සංඛ්‍යාලේඛණ සඳහන් කලා.

පසුගිය වසර සැළකීමේදී රටෙහි නිවාස කුළී ඉහළයාම සටහන් වන්නේ සියයට 11.2 ක් ලෙසයි.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »