මෙල්බන් E-scooter අත්හදා බැලීම මාර්තු දක්වා දීර්ඝ කරයි

මෙල්බන් නගරයේ ආරම්භ කල E-scooter අත්හදා බැලීමේ කාලසීමාව ලබන මාර්තු මාසය දක්වා දීර්ඝ කර තිබෙනවා.

එය අවසන්වීමට නියමිත වූයේ ලබන පෙබරවාරි මාසයෙනුයි.

මෙම අත්හදා බැලීමේ කාලසීමාව තුළ මිලියන 2.8 කට ආසන්න ගමන් වාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර ඇති බවයි දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව මෙල්බන් නගරවාසීන් අතර E-scooter භාවිතය ජනප්‍රිය වී ඇති බවද සඳහන්.

එමෙන්ම මෙම කාලසීමාව තුළදී හිස් වැසුම් භාවිත නොකිරීම ඇතුලු වරද යටතේ දඩ පත්‍රිකා 865 ක් නිකුත් කර ඇති අතර E-scooter අනතුරු 33 ක්ද වාර්තා වි තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »