Search

ඔස්ටේ්‍රලියාවේ Skilled වීසා සලකා බලන ප්‍රමුඛතා අනුපිළිවෙල වෙනස් වෙයි

ඔස්ටේ්‍රලියාවේ පුහුණු නිපුණතා වීසා හෙවත් අයදුම්පත් සලකා බලන ප්‍රමුඛතා අනුපිළිවෙල වෙනස් කර තිබෙනවා.

ගුරුවරුන් සහ හෙදියන් ඇතුලු සෞඛ්‍ය සේවකයන් සඳහා වන වීසා අයදුම්පත් දින තුනක් ඇතුළත සළකා බලා අවසන් කිරීමටයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින්නේ.

පසුගිය ලිබරල් සන්ධාන රජය සමයේදී හඳුන්වා දෙනු ලැබූ පුහුණු නිපුණතා වීසා ප්‍රමුඛතා ලැයිස්තුව ඒ අනුව තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නැහැ.

එම ලැයිස්තුව එය යල් පැන ගිය එකක් බවට චෝදනා ලැබු අතර පවතින දරුණු පුහුණු සේවක හිගයට එමගින් විසඳුමක් නොලැබීම හමුවේ එම ලැයිස්තුව ඉවත් කිරීමට තීරණය වී තිබෙනවා.

2020 වසරේදී මුල් වරට ඉදිරිපත් කෙරුණු මෙම ලැයිස්තුවට ප්‍රමුඛතාවයේ සැලකෙන වෘත්තීන් 44 ක් ඇතුළත් වුනා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »