
වික්ටෝරියා හදිසි ඇමතුම් සේවය 2022 වසරේදි නියමිත ඉලක්ක සපුරාගෙන නොමැති බවට අනාවරණ වි තිබෙනවා.
වසර ආරම්භයේදී ඔවුන්ට ලබාදී තිබු ඉලක්කය වූයේ ලැබෙන ඇමතුම් අතුරින් සියයට 90 කට පමණ තත්පර 05 ක් ඇතුළත ප්‍රතිචාර දැක්වීමයි.
එහෙත් ඔවුන් විසින් 2022 වසරේදී ප්‍රතිචාර දක්වා ඇත්තේ ඇමතුම් අතුරින් සියයට 64 කට පමණක් බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

වික්ටෝරියා හදිසි ඇමතුම් සේවයේ ගුණාත්මක භාවය ඉහළ නංවාලීම සඳහා පසුගිය මාර්තු මාසයේදී ඩොලර් මිලියන 115 ක මුදලක් වෙන් කෙරුණා.
ගිලන්රථ ප්‍රමාදය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තාවීම සැළකිල්ලට ගෙනයි එතරම් ඉහළ මුදලක් වෙන් කර ඇත්තේ.
