
මරේ වැලි එන්සෙපලයිටීස් වෛරසය වික්ටෝරියා ප්‍රාන්තයේ සීඝ්‍රයෙන් පැතිරයමින් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.
වසර 10 කට පසු පළමුවරට වික්ටෝරියා ප්‍රාන්තයෙන් මෙම වෛරස ආසාධිතයෙකු පසුගියදා සොයාගැණුනා.
මදුරුවන් ආශ්‍රිතව ව්‍යාප්ත වන මෙම වෛරසය ආසාධනය නොවීමට හැකිතාක් මදුරු දෂ්ඨන වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව සිරුර හැකිතාක් ආවරණය වන ඇඳුම් භාවිතය සහ ගොවිපොළ ආශ්‍රිතව රැකියා කරන්නන් සහ වාසය කරන්නන් විමසිලිමත්වීම වැදගත් බව සඳහන්.
මරේ වැලි එන්සෙපලයිටීස් වෛරසය සඳහා මෙතෙක් එන්නතක් සොයාගෙන නොමැති අතර එය ඇතැම්විට මාරාන්තික බවයි පැවසෙන්නේ.

අධික උණ – හිසරදය – ඇගපත රුදාව – වමනය සහ මස්පිඩු වේදනා එහි රෝග ලක්ෂණ අතර වනවා.