
විදුලිය – ගල් අගුරු සහ ගෑස් සඳහා උපරිම මිළක් නියම කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයේ නිවැරදිභාවය ඔප්පු වෙමින් ඇතැයි බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් පවසනවා.
බලශක්ති මිළ ගණන් කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බව භාණ්ඩාගාර සංඛ්‍යාලේඛණවලින් තහවුරු වී ඇති බවයි ඔහු සඳහන් කලේ.
පාලක ලේබර් පක්ෂය විසින් පසුගිය මාසයේදී බලශක්ති මිළ ගණන් සඳහා උපරිම මිළක් පණවනු ලැබුවේ විපක්ෂයේ දැඩි විවේච්චන මධ්‍යයේයි.

2023-24 වසරට අදාළව වසරකදී අවම වශයෙන් ඩොලර් 230 ක ගාස්තු ඉතුරුවක් පාරිභෝගිකයන්ට ලබාදීම මෙම යෝජනාවේ අරමුණයි.
භාණ්ඩාගාර සංඛ්‍යාලේඛන අනුව ක්වීන්ස්ලන්ඩ් හි සියයට 44 ක් – නිවු සවුත් වේල්ස් හි සියයට 38 ක් – දකුණු ඔස්ටේ්‍රලියාවේ සියයට 32 ක් සහ වික්ටෝරියා හි සියයට 29 ක් ලෙස විදුලිය මිළදී ගැනීමේ ගාස්තු පහළ ගොස් තිබෙනවා.
