Search

ක්‍රිස් හිප්කින්ස් හෙට නවසීලන්ත අගමැති ධුරයට

නවසීලන්තයේ මීලග අගමැති ලෙස ක්‍රිස් හිප්කින්ස් පත්වීමට නියමිතව තිබෙනවා.

ජසින්ඩා ආර්ඩර්න් ගේ ඉල්ලා අස්වීමේ නිවේදනයත් සමග පාලක කම්කරු පක්ෂය විසින් හෙට දිනයේදී නව අගමැතිවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතයි.

කෙසේවෙතත් මේ දක්වා ඊට අදාළව ඉදිරිපත් වී ඇත්තේ එරට වත්මන් අධ්‍යාපන ඇමතිවරයා වන 44 හැවිරිදි ක්‍රිස් හිප්කින්ස් පමණයි.

ඒ අනුව හෙට දිනයේදී ඔහු නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත්වීමට නියමිතයි.

ලබන ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය දක්වා ක්‍රිස් හිප්කින්ස් අගමැති ධුරයේ කටයුතු කරනු ඇති.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »