
2022 වසරේදී ඔස්ටේරලියාව තුළ වැඩිම පිරිසක් හසුවූ දුරකථන කෙටි පණිවිඩ වංචාව ලෙස සැළකෙන Hi Mum වංචාව සම්බන්ධයෙන් මෙල්බන් පදිංචිකරුවෙකුට චෝදනා ගොණු කර තිබෙනවා.
සති 06 ක් පුරා සිදුකල විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගත් 21 හැවිරිදි මෙම තරුණයාට චෝදනා 06 ක් ගොණු කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
ව්‍යාජ ලේඛණ සකස් කරමින් සහ වංචාවෙන් ලබාගත් මුදල් භාවිත කරමින් මෙම තැනැත්තා ජංගම දුරකථන ඇතුලු විද්‍යුත් උපාංග මිළයට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මොහුට ඇප නියම කර ඇති අතර ලබන ජූලි 18 වනදා යළිත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිය පුතා හෝ දියණිය එවන ලෙසින් නාඳුනන අංකයකින් කෙටි පණිවිඩ එවා ක්‍රෙඩිට් කාඩ් අංක වංචා කර මුදල් ලබාගැනීමයි Hi Mum වංචාව හරහා සිදුවන්නේ.

පසුගිය වසරේදී එලෙස වංචා කර තිබූ මුදල ඩොලර් මිලියන 02 කට අධිකයි.