දෙසැම්බරයේ protection වීසා ලැබී ඇත්තේ ලාංකිකයන් 05 කටත් අඩුවෙන්

දෙසැම්බර් මාසයේදී ඔස්ටේ්‍රලියාවේ රැකවරණ වීසා හෙවත් protection වීසා (Subclass 866) ඉල්ලුම් කල ලාංකිකයන් අතුරින් එම වීසා බලපත්‍රයක් ලැබී ඇත්තේ 05 කටත් අඩු පිරිසකට පමණක් බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

දෙසැම්බර් 01 වනදා සිට 31 වනදා දක්වා මෙරට රැකවරණය අපේක්ෂාවෙන් 1,633 දෙනෙකු වීසා අයදුම්පත් ඉදිරිපත් කර තිබුණා.

ඉන් වැඩිම පිරිස වන 174 දෙනෙකු ඉන්දුනීසියාවෙන් වන අතර ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු protection වීසා ඉල්ලා ඇති බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

පසුගිය මාසයේදී තනි රටක් ලෙස සැළකීමේදී වැඩිම protection වීසා නිකුත් කර ඇත්තේ මියන්මාර ජාතිකයන් සඳහායි.

ඇෆ්ඝනිස්ථානය – ටියුනීසියාව – ඉරානය – සුඩානය – තුර්කිය ඇතුලු රටවල් 08 ක පුරවැසියන් ඉදිරිපත් කර තිබූ සියලුම වීසා අයදුම්පත් අනුමත වී ඇති බවද සඳහන්.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »