ඔස්ටේ්‍රලියා වීසා ලැබෙන්න ගතවන කාලය 03 ගුණයකින් ඉහළට

කොවිඩ් වසංගතයට පෙර කාලයට සාපේක්ෂව 2022 වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණිම සඳහා තමන්ගේ වීසා බලපත්‍ර අනුමත කර ගැනීමට සංචාරකයින් තුන් ගුණයකටත් අධික කාලයක් බලා සිට ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දෙනවා.

මෙම වසරේ ජූලි – සැප්තැම්බර් කාලය තෙක් බලා සිටීමේ කාලයේ වෙනසක් ඇති වේ යයි නොසිතන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

පසුගිය ජුනි 01 වැනිදා සිට තාවකාලික සහ සංක්‍රමණ වීසා අයදුම්පත් මිලියන 06 කට ආසන්න ප්‍රමාණයක් සලකා බලා ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් සංචාරක වීසා සහ ව්‍යාපාරික වීසා යන දෙඅංශයෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංඛ්‍යාව තවමත් කොවිඩ් ආරම්භයට මට්ටම්වලට වඩා බෙහෙවින් අඩු මට්ටමකයි පවතින්නේ.

2021/22 කාලයේදී පුද්ගලයින් 699,725 ක් පමණ ඔස්ට්‍රේලියාවට සංචාරකයින් ලෙස පැමිණි නමුත් 2018/19 දී එය ලක්ෂ 65 ක් ලෙස පැවතුණා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »