මෙම වසරේදී වැටුප් වැඩිවීම් ලැබිය හැකි සේවා අංශ හෙළි කෙරේ

DOLLAR-MONEY.

මෙම වසර තුළදී ඔස්ටේ්‍රලියාව තුළ වැටුප් වැඩිවීම් ලැබිය හැකි සේවා අංශ කිහිපයක් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව තොරතුරු තාක්ෂණය – වෙළඳ හා අලෙවි – ඉංජිනේරු යන අංශවල සේවකයන්ට ඉහළ වැටුප් වැඩිවීම් ලැබිය හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

එම අංශවල පවතින ඉහළ ඉල්ලුම සහ සේවක හිගය මීට මූලික වශයෙන් බලපා ඇති බව සඳහන්.

මෙම අංශවල සේවකයන්ට සියයට 15 සිට සියයට 22 දක්වා වන වැටුප් වැඩිවීම් ලැබෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

මීට අමතරව තාක්ෂණ – ජෛව විද්‍යා – පතල් – සිල්ලර ව්‍යාපාර වැනි අංශවල සේවක සේවිකාවන්ට සියයට 03 ත් 05 ත් අතර වැටුප් වැඩිවීමක් ලැබෙනු ඇති බවටද අනාවැකි පළවනවා.

ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය මේ වනවිට සටහන් වන්නේ සියයට 3.5 ක් ලෙසයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »