Google මව් සමාගමත් සේවකයන් 12,000 ක් ඉවත් කරයි

ලොව පුරා සේවකයන් 12,000 කගේ රැකියා කප්පාදු කිරීමට Google සමාගමේ මව් සමාගම වන ඇල්ෆබට් (Alphabet ) සමාගම තීරණය කර තිබෙනවා.

එය ඔවුන්ගේ ගෝලීය සේවක සංඛ්‍යාවෙන් සියයට 06 ක් බවයි පැවසෙන්නේ.

බඳවා ගැනීම් – සාමූහික ක්‍රියාකාරකම් – ඉංජිනේරු සහ නිෂ්පාදන යන අංශවල සේවකයන් මෙලෙස ඉවත් කිරීමට නියමිතයි.

මෙම සේවකයන් අමෙරිකාවේ පමණක් නොව ලොව පුරා විසිරී සිටින්න් බවද සඳහන්.

මයික්‍රොසොෆ්ට් – ෆේස්බුක් – ට්විටර් ඇතුලු තාක්ෂණික සමාගම් රැසක්ද ගතවූ දිනවලදී 10,000 බැගින් ඉක්මවූ සේවක කප්පාදු පිළිබඳ නිවේදනය කරනු ලැබුවා.

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »