
මෙල්බර්න් හි ආගන්තුක සත්කාරක ස්ථාන සඳහා එළිමහන් භෝජන සිදු කිරීමට අවසර!
Move to make outdoor dining in Melbourne easier!
වික්ටෝරියානු රජය විසින් ආගන්තුක සත්කාරක ස්ථාන සඳහා එළිමහනේ භෝජන පහසුකම් සැපයීම සිදු කිරීමට සැලසුම් කිරීමේ සංශෝධනයක් ක්‍රියාත්මක කර ඇත.

ව්‍යාපාර කටයුතු සඳහා ඇති සියලු බාධක ඉවත් කිරීමේ සංශෝධනයත් සමඟ පළාත් පාලන ප්‍රදේශයන්හි ආගන්තුක සත්කාරක ස්ථාන සඳහා භෝජන සීමාවන් “නොගැලපෙන ලෙස” ක්‍රියාත්මක කර ඇති බව සැලසුම් අමාත්‍ය Richard Wynne පැවසීය.
“ඕනෑම ආගන්තුක සත්කාරක ස්ථානයකට දැනට පවතින නීතිමය කටයුතු පුළුල් කිරීමට අපේක්ෂා කරන අතර එමඟින් කිසිදු බාධාවකින් තොරව එවැනි ව්‍යාපාර සිදු කළ හැකිය.”

“එය CBD, කලාපීය වික්ටෝරියා, තදාසන්න වෙළඳසැල්, තීරු සාප්පු මධ්‍යස්ථාන තුල පිහිටා ඇති ඕනෑම ආගන්තුක සත්කාරක ස්ථානයකට පොදු වේ. නමුත් ඔවුන් ගේ එළිමහන් ස්ථාන සුදුසු බව සහතික කරති.”