Woolworths වෙළඳසැල් අතුරින් 1/3 ක butcher counter වසා දැමීමට යයි

ඔස්ටේ‍රලියාව පුරා පිහිටුවා ඇති සිය වෙළඳසැල් අතුරින් 1/3 ක පමණ මාංශ අලෙවි කවුන්ටර් (butcher counter) වසා දැමීමට Woolworths සුපිරි වෙළඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 500 කට ආසන්න පිරිසක් රැකියාවලින් ඉවත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

දැනට රට පුරා ඇති Woolworths සුපිරි වෙළඳසැල් 1000 කට ආසන්න සංඛ්‍යාවෙන් 300 ක පමණ මෙම සේවක කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

ඉන් 250 ක පමණ ලබන මාර්තු වනවිට මාංශ අලෙවි කවුන්ටර් වසා දමන බව Woolworths නිවේදනය කරනවා.

අදාළ කවුන්ටර් මගින් සේවා ලබාගන්නා පාරිභෝගිකයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩුවීමයි මීට හේතුවී ඇත්තේ.

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »