
2022 වසරේදී ඉතාම දැඩි අන්තර්ජාල වාරණ පැණවූ රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද නම් කර තිබෙනවා.
ගෝලීය අන්තර්ජාල වාරණ වාර්තාවේයි මේ බව දැක්වෙන්නේ.
අන්තර්ජාල බිඳවැටීම් හමුවේ පසුගිය වසරේදී ලොව පුරා බලපෑම් එල්ලවු පුද්ගලයන් සංඛ්‍යාව බිලියන 4.2 ක්.

වැඩිම අන්තර්ජාල වාරණ ක්‍රියාත්මක වූ කලාපය ලෙස මෙම වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවද අයත් ආසියානු මහද්වීපයයි.
සමාජ – ආර්ථික ගැටලු මෙන්ම විවිධ ප්‍රචණ්ඩ සිදුවීම් වැනි දෑ පාලනය කිරීමේ අරමුණ ඇතිව රටවල් 32 ක පසුගිය වසරේදී විවිධ අන්තර්ජාල වාරණ පණවා තිබුණා.

ශ්‍රී ලංකාව තුළ පසුගිය වසරේදී පැවති ප්‍රචණ්ඩ සිදුවීම් හමුවේයි ෆේස්බුක් – වට්ස් ඇප් ඇතුලු සමාජ ජාල අවහිර කෙරුණේ.