අඛණ්ඩව 03 වන දිනයටත් ක්වන්ටාස් ගුවන් යානයක කාර්මික දෝෂයක්

අඛණ්ඩව 03 වන දිනයටත් ක්වන්ටාස් ගුවන් යානයක කාර්මික දෝෂයක් හටගෙන තිබෙනවා.

අද පෙරවරු 09.40 ට මෙල්බන් සිට සිඩ්නි දක්වා ගමන්ගත් QF 430 අංක දරන ගුවන් යානය උඩු ගුවනේ රැඳී සිට තිබුණේ විනාඩි 20 ක කාලයක් පමණයි.

තාක්ෂණික දෝෂයක් හමුවේ එය වහා නැවතත් මෙල්බන් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එම ගුවන් යානයේ සිටි මගීන් අද දිනය තුළදීම වෙනත් ගුවන් යානා මගින් සිඩ්නි දක්වා පිටත්කර යවන බවයි ක්වන්ටාස් ගුවන් සේවය සඳහන් කලේ.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් සිට සිඩ්නි දක්වා පැමිණෙමින් තිබූ ක්වන්ටාස් ගුවන් යානයක එක් එන්ජිමක් ක්‍රියාවිරහිත වී තිබුණේ පසුගිය බදාදා දිනයේදීයි.

සිඩ්නි සිට ෆීජි දක්වා ගමන් කරමින් තිබූ ක්වන්ටාස් ගුවන් යානයක් ඊයේ දිනයේදී කාර්මික දෝෂයකට ලක්වී තිබුණා.

මෙම සිදුවීම් 03 ටම මුහුණ පෑවේ බෝයිං 737 වර්ගයේ ගුවන් යානා වීම විශේෂත්වයක්.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »