05 වන කොවිඩ් එන්නත යළි කරළියට

ලොව පුරා රටවල් කිහිපයක කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව යළිත් වැඩිවීමත් සමග ඔස්ටේ්‍රලියානුවන්ට 05 වන කොවිඩ් එන්නතක් ලබාදිය යුතු බවට යළිත් අදහස් පළවී තිබෙනවා.

කෙසේවෙතත් මේ දක්වා ඊට අදාළව කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ප්‍රතිශක්තීකරණය සඳහා වන තාක්ෂණික උපදේශක කමිටුව සඳහන් කලේ.

ඔස්ටේ්‍රලියාව තුළ මිලියන 20 කට ආසන්න පිරිසක් පළමු සහ දෙවන මාත්‍රාද / මිලියන 14.3 ක් 03 වන මාත්‍රාද ලබාගෙන තිබෙනවා.

04 වන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව මිලියන 5.4 ක් බව වාර්තාවල සඳහන්.

සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පැවසුවේ ප්‍රතිශක්තීකරණය සඳහා වන තාක්ෂණික උපදේශක කමිටුව නිකුත් කරන උපදෙස් අනුව ෆෙඩරල් රජයද කටයුතු කරන බවයි.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »