ගතවූ වසර 05 දී ඔස්ටේ්‍රලියා ජාතික අධ්‍යාපනය පහළට

ගතවූ වසර 05 තුළදී ඔස්ටේ්‍රලියාවේ ජාතික අධ්‍යාපනය පහළගොස් ඇතැයි හෙළිවී තිබෙනවා.

ජාතික ඵලදායිතා කොමිසම නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ ගුරුවරුන් සහ පාසල් නායකයන්ට වැඩි සහයක් හිමිවන වැඩසටහන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කල යුතු බවයි.

2018 වසරේදී ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජයන් විසින් ඇතිකරගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය සාර්ථකත්වයක් ඇතිකරගෙන නොමැති බව මෙමගින් පැහැදිලි වන බවද එහි අන්තර්ගතයි.

මෙම වාර්තාවේ අඩංගු නිර්දේශ තමන් පිළිගන්නා බවත් හැකි ඉක්මණින් ක්‍රියාවට නංවන බවත් අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් අවධාරණය කරනවා.

ඔස්ටේ්‍රලියානු ප්‍රාථමික සිසුන්ගේ කියැවීමේ හැකිාව මෙන්ම ගණිතමය කුසළතා පහළ ගොස් ඇති බවයි පසුගියදා නිකුත් වූ තවත් වාර්තාවක සඳහන් වූයේ.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »