Search

PR නැතිව TR වීසා ලාභීන් $ දහස් ගණනක් වැය කරන බවට වාර්තාවක්

ස්ථිර පදිංචිය නොලැබීම හමුවේ ඔස්ටේ්‍රලියාවේ සිටින තාවකාලික වීසා ලාභීන් විශාල පිරිසක් විවිධ අධ්‍යයන පාඨමාලා සඳහා ඩොර් දහස් ගණනක් වැය කරන බවට නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

ඔවුන් ඒ සඳහා වසර ගණනාවක කාලයද වැය කරන බවත් මෙය ෆෙඩරල් රජය අවධානය යොමුකල යුතු කරුණක් බවත් එහි සඳහන්.

ව්‍යාපාරික ස්ථාන අතුරින් සියයට 25 ක පමණ උග්‍ර සේවක හිගයක් පවතින වාතාවරණයක් උද්ගතවී ඇති බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ.

එසේ තිබියදීත් තාවකාලික වීසා ලාභීන්ට ස්ථිර පදිංචිය ලබාදී සේවක හිගය මගහරවාලීමට විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමන කිරීමේ අවශ්‍යතාවයද ඊට අන්තර්ගතයි.

ස්ථිර පදිංචිය හෝ නිසි රැකියාවක් නොමැතිව විශාල පිරිසක් දැනටමත් ඔස්ටේ්‍රලියාව අතහැර කැනඩාව වැනි රටවලට යොමුවෙමින් පවතින බවද මෙම වාර්තාවට අන්තර්ගතයි.

මේ අතර ඉදිරි වසර සඳහා ඔස්ටේ්‍රලියානු සංක්‍රමණ කෝටාව තීරණය කිරීමේ සමාලෝචනයක් ලබන මාසයේදී සිදුකිරීමට නියමිතයි.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »