
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වනවිට ඇය පසුවූයේ 88 හැවිරිදි වියෙහියි.
ඇය ආසියාවේ මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාවේදියා ලෙස ද සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ බිරිඳයි.

ආචාර්ය සුමිත්‍රා පීරිස් ශ්‍රී ලංකා ප්‍රථම වෘත්තාන්ත සිනමාවේ සංස්කරණ ශිල්පිනිය වන අතර සිව්වැනි සිනමා අධ්‍යක්ෂිකාව වෙනවා.
ගැහැණු ළමයි, ගග අද්දර, යහළු යෙහෙළි, මායා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, ඇතුලු චිත්‍රපට රැසක් ඇය විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.

හොඳම සංස්කරණ ශිල්පිනිය ලෙස සහ හොඳ චිත්‍රපට අධ්‍යක්ෂණයට සරසවිය සම්මාන, ජනාධිපති සම්මාන, OCIC සම්මාන ඇතුළු සම්මාන රාශියකින් ද ඇය පිදුම් ලබා තිබෙනවා.