Australia Day දින සේවය කිරීමට Woolworths සේවකයන්ට අවසර

ලබන බ්‍රහස්පතින්දා එනම් ජනවාර් 26 වනදාට යෙදී ඇති Australia Day දිනයේදී සේවය කිරීමට සේවකයන්ට අවසර දීමට Woolworths සුපිරි වෙළඳසැල් ජාලයද තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවට වෙනත් දිනයක නිවාඩුවක් ගැනීමට ඔවුන්ට අවස්ථාව සළසන බවයි නිවේදනය කලේ.

ඔස්ට්‍රේලියා දිනය ජනවාරි 26 හැර වෙනත් දිනයක පැවැත්විය යුතු බවට දැඩි කථාබහක් නිර්මාණය වි ඇති වාතාවරණයකදීයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

දැනටමත් Telstra ඇතුලු සමාගම් කිහිපයක් විසින්ද Australia Day දිනයේදී තම සේවකයන්ට සේවා මුරවල නිරතවීමට අවසර දී තිබෙනවා.

1788 වසරේ ජනවාරි 26 වන දින බ්‍රිතාන්‍යයේ සිට සිරකරුවන් රැගත් නැව් 11 ක් සිඩ්නි බොක්කට සේන්දු වී ඔස්ට්‍රේලියාවේ බ්‍රිතාන්‍ය ජනාවාස නිල වශයෙන් පිහිටුවනු ලැබූ දිනය ඔස්ට්‍රේලියා දිනය ලෙස සමරනු ලබනවා.

එහෙත් මෙරට ස්වදේශිකයින් විසින් මෙම දිනය සමරනු ලබනුයේ ආක්‍රමණ දිනය ලෙසටයි.

එබැවින් ඔස්ට්‍රේලියා දිනය සැමරීමට ජනවාරි 26 වන දින හැර වෙනත් දිනයක් යොදාගන්නා ලෙස මධ්‍යම රජයට එල්ලවන බලපෑම්ද ඉහළගොස් තිබෙනවා.

නාගරික කවුන්සිල කිහිපයක් විසින්ද දැනටමත් Australia Day දිනය වෙනත් දිනයකදී සැමරිය යුතු බවටයි යෝජනා සම්මත කරගෙන ඇත්තේ.

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »