
ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය සියයට 3.5 ක් ලෙස තවදුරටත් නොවෙනස්ව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.
ඔක්තෝබර් මාසයේදී එය සියයට 3.4 ක් දක්වා අඩුවූ අතර එය වසර 48 කට පසු සටහන්වූ අඩුම විරැකියා අනුපාතයයි.
අනතුරුව නොවැම්බර් මාසයේදී විරැකියා අනුපාතය යළිත් සියයට 3.5 ක් දක්වා ඉහළයාමකට ලක්වුණා.

දෙසැම්බර් මාසයේදී 14,600 කට ආසන්න පිරිසකට රැකියා අහිමිවී ඇති අතර නව රැකියා 22,500 ක් පමණ නිර්මාණය වී ඇති බව සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳහන් කලා.
පවතින ආර්ථික වාතාවරණය හමුවේ ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බවත් ලබන වසර අවසානය වනවිට එය සියයට 5 ක් දක්වා වැඩවනු ඇති බවටත් පුරෝකථනය කර තිබෙනවා.
