නවසීලන්ත අගමැතිනී ඉල්ලා අස්වීමට තීරණය කරයි

ලබන මාසයේදී ධුරයෙන් ඉල්ලා අස්වීමට නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් තීරණය කර තිබෙනවා.

ඒ අනුව තමා රාජකාරියේ නිරතවන අවසාන දිනය පෙබරවාරි 07 වනදා බවයි ඇය සඳහන් කලේ.

මීලග නවසීලන්ත මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 14 වනදායි.

එදින දක්වා නවසීලන්තයේ භාරකාර අගමැති ලෙස කටයුතු කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා පාලක ලේබර් පක්ෂය විසින් ඉදිරි දිනවල තීරණයක් ගැනීමට නියමිතයි.

ජසින්ඩා ආර්ඩර්න් වසර 06 කට ආසන්න කාලයක් නවසීලන්තයේ අගමැති ධුරය හෙබවු අතර පසුකාලීනව ඇය ගත් ඇතැම් තීන්දු දැඩි විවේච්චනයට ලක්වුණා.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »