ඔස්ටේ්‍රලියානු Passport එක ඉක්මනටම ගන්න ක්‍රමයක්

ඔස්ටේ්‍රලියානු විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේදී වැදගත් වන තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව නව ගමන් බලපත්‍රයක් සඳහා අයදුම්කර එය නිකුත් කිරීමට අවම වශයෙන් සති 06 ක කාලයක් ගතවන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

කරුණු කිහිපයක් මත මෙම කාලසීමාව තවත් වැඩිවිය හැකි බවද ඔවුන් සඳහන් කරනවා.

මේ අතර ඩොලර් 225 ක අමතර ගාස්තුවක් ගෙවා ප්‍රමුඛතා පදනම යටතේ ඔස්ටේ්‍රලියානු විදේශ ගමන් බලපත්‍රයක් කඩිනමින් ලබාගැනීමටද මෙරට පුරවැසියන්ට අවස්ථාව පවතිනවා.

කෙසේවෙතත් හදිසි අවශ්‍යතාවය කුමක්ද යන්න අදාළ අයදුම්කරු විසින් පැහැදිලිව දැක්විය යුතුවීම අනිවාර්ය වනවා.

මේ අතර ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට දන්වා සිටින්නේ නව විදේශ ගමන් බලපත්‍රයක් අයදුම්කර එය ලැබෙන තුරු සංචාර සඳහා ගුවන් ගමන් හෝ හෝටල් වෙන් කරවා ගැනීමෙන් වළකින ලෙසයි.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »