NSW දෙමව්පියන් සඳහා අද සිට නැවතත් $ 150 ක වවුචර් පත්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් දරුවන් සිටින දෙමව්පියන් සඳහා නැවත වරක් ඩොලර් 150 බැගින් වන වවුචර් පත් ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඩොලර් 50 බැගින් වන වවුචර් පත් 03 ක් ලෙස Service NSW ඇප්ලිකේෂනය හරහා ඒවා ලබාගැනීමට අද (19) පෙරවරු 08 සිට අවස්ථාව පවතිනවා.

පාසල් පෙළපොත් – නිල ඇඳුම් – ලිපි ලේඛන මෙන්ම සිසුන්ට අවශ්‍ය ඕනෑම ද්‍රව්‍යයක් මිළදී ගැනීම සඳහා මෙම වවුචර් යොදා ගත හැකියි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලියාපදිංචි වෙළඳසැල් 500 කට අධික සංඛ්‍යාවකදී මෙම වවුචර භාවිත හැකි අතර වලංගු කාලය මාස 06 ක් ලෙසයි සඳහන් වන්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රානිත රජය විසින් මේ සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 193 ක්.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »