
දින 340 කට පසු පළමුවරට සිඩ්නි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා ගොස් තිබෙනවා.
අවසන්වරට සිඩ්නි නගරයේ උෂ්ණත්වය අංශක 30 ට වැඩියෙන් සටහන්වි තිබුණේ පසුගිය වසරේ පෙබරවාරි 21 වනදායි.
මෙතරම් දීර්ඝ කාලයක් සිඩ්නි නගරයෙන් පහළ උෂ්ණත්වයක් සටහන්වී ඇත්තේ වසර 140 කට පමණ පසුව බවද වාර්තාවල සඳහන්.

ඔස්ටේ්‍රලියාවේ නැගෙනහිර ප්‍රාන්තවල මේ වනවිට දැඩි උණුසුම් කාළගුණයක් පවතින අතර ඊයේ දිනයේදී මෙල්බන් නගරයේ උෂ්ණත්වයද සෙල්සියස් අංක 37 ඉක්මවා ගොස් තිබුණා.
ඒ අනුව මෙල්බන් හි පැවැත්වෙන ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
