
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ දක්ෂ සංගීත කණ්ඩායමක් වන මේරියන්ස් හි ප්‍රසාංගික අත්දැකීම් කලකට පසු අත්විඳීමට මෙල්බන් හි වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක් උදාවී තිබෙනවා.
ඒ ලබන මස 11 වනදා West Melbourne, Dudley St, Festival Hall හි පැවැත්වෙන “තාම 35 යි” ප්‍රසංගයේදීයි.
මේරියන්ස් සංගීත කණ්ඩායමේ 35 වන සංවත්සරයට සමගාමීවයි මෙම ප්‍රසංගය සංවිධාන කර ඇත්තේ.

ඊට ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායන තරු වන උමාරියා සිංහවංශ – සජිත ඇන්තනී සහ නදීමාල් පෙරේරාද සහභාගීවීමට නියමිතයි.
ඉදිරියේදී අනෙකුත් ප්‍රාන්තවලදීද තාම 35 යි ප්‍රසංගය පැවැත්වීමට මේරියන්ස් සංගීත කණ්ඩායම සූදානමින් පසුවන්නේ.

මෙම ප්‍රසංගය සඳහා මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබන්නේ ඔස්ටේ්‍රලියාවේ අංක 01 ශ්‍රී ලාංකික මාධ්‍ය ජාලය වන Ausලංකා TV – Ausලංකා රේඩියෝ ප්‍රමුඛ Ausලංකා මාධ්‍ය ජාලය වෙතිනුයි.
තාම 35 යි ප්‍රසංගය සඳහා තවමත් ප්‍රවේශපත්‍ර ලබාගෙන නොමැති ඔබට www.trybooking.com/CEOZI හරහා ඒවා මිළදී ගත හැකියි.
මේරියන්ස් සංගීත කණ්ඩායම ඔස්ටේ්‍රලියාවේ ප්‍රසංග සංචාරයකට පැමිණෙනුයේ වසර 03 කට පසුව වීමද විශේෂත්වයක්.
තාම 35 යි ප්‍රසංගය පිළිබඳ වැඩි විස්තර 0452 608 070 (ශිවංක) හෝ 0484 337 885 මගින් ලබාගත හැකියි.