නිවු සවුත් වේල්ස් සිසුන් අතර විභාග වංචා ඉහළට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් අතර විභාග වංචා ඉහළ ගොස් ඇතැයි නවතම වාර්තාවක් හෙළිකරනවා.

පසුගිය වසරේදී එවැනි වංචා 850 ක් පමණ වාර්තා වී ඇති අතර පාසල් 216 ක සිසුන් 734 දෙනෙකු වැරදි සිදුකරන අවස්ථාවලදීම හඳුනාගෙන තිබුණා.

2019 වසරේදී මෙවැනි වැරදි 671 ක් වාර්තා වී තිබූ අතර 2020 දී එය 842 ක් ලෙස පැවතුණා.

අනවසර විද්‍යූත් උපකරණ භාවිත කර පිළිතුරු ලිවීම මේ අතරින් ප්‍රමුඛ වැරැද්දක් වනවා.

වැඩිම පිරිසක් වංචා කර ඇති විශය ඉංග්‍රීසී භාෂාව වන අතර අඩුම පිරිසක් වංචා කර ඇති විශය වන්නේ සංගීතයයි.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »