නිවු සවුත් වේල්ස් demerits points ඉවත් කර ගැනීමේ යෝජනාවක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රියදුරන්ට නියම කෙරෙන අප්‍රසාද ළකුණු සංඛ්‍යාව (demerits points) නියමිත කාල වකවානුවට පෙර ඉවත් කර ගැනීමේ යෝජනාවක් ප්‍රාන්ත විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් එම යෝජනාව ක්‍රියාවට නංවන බවයි කම්කරු පක්ෂය සඳහන් කරන්නේ.

නියමිත පරිදි දඩ මුදල් ගෙවා ඇති රියදුරන්ට මේ අනුව එක් අප්‍රසාද ළකුණක් ඉවත් කර ගැනීමට අවස්ථාව උදාවනවා.

දැනට පවතින නීතිය අනුව එලෙස අප්‍රසාද ළකුණක් ඉවත් කර ගැනීමට අවස්ථාව පවතින්නේ වසර 03 ක් ඉක්ම යාමෙන් අනතුරුවයි.

මේ අතර දඩ මුදල් ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණ ඇතිව වත්මන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් වේග සීමා කැමරා අනතුරු ඇගවීම් සංඥා ඉවත් කර ඇති බවටද කම්කරු පක්ෂය චෝදනා කරනවා.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »