
ඔස්ටේරලියාවට පැමිණිමේදී තමන් රැගෙන ආ ආහාර ද්‍රව්‍ය ප්‍රකාශ කිරීමට අපොහොසත් වූ ස්පාඤ්ඤ ජාතිකයෙකුට ඩොලර් 3,300 ක දඩයක් නියම කර තිබෙනවා.
පර්ත් ගුවන් තොටුපළේදී රඳවා ගනු ලැබූ 20 හැවිරිදි මෙම තරුණයාගේ වීසා බලපත්‍රය අහෝසි කර ඇති බව සඳහන්.
ඉහළ අවදානම් සහිත ආහාර නිෂ්පාදන මෙරටට ගෙන ඒමේදී දේශ සීමා ආරක්ෂණ නිළධාරීන් භාරයට ගන්නා පුද්ගලයන්ට එරෙහිව මේ වනවිට නව දැඩි ජෛව ආරක්ෂණ නීතිවලට මුහුණ දීමට සිදුවනවා.

එම ජෛව ආරක්ෂණ නීති යටතේ දඩ නියම කළ පළමු පුද්ගලයා බවට මේ අනුව අදාළ ස්පාඤ්ඤ ජාතිකයා පත්වනු ඇති.
ඔහුගේ ගමන් මලූවල ඌරු මස් සහ චීස් ඇති බව ප්‍රකාශ කිරීමට මෙම පුද්ගලයා අපොහොසත් වී ඇති බව සඳහන්.

මෙලෙස වීසා අවලංගු කරන ලද සංචාරකයින්ට නැවත ඔස්ටේ්‍රලියානු වීසා සඳහා අයදුම් කළ හැකි වනුයේ වසර තුනක කාලයකින් පසුවයි.
මෙම වරදට ඩොලර් 5,500 දක්වා දඩ මුදලක් සහ ඔවුන්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට හැකියි.