
මෙල්බන් නගරයට බලපා ඇති අධික උණුසුම් කාළගුණය හමුවේ ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියටද බලපෑම් එල්ල වි තිබෙනවා.
ඒ අනුව තරගාවලියේ නීති කිහිපයක් සංශෝධනය කිරීමටයි තරග සංවිධායකයන් පියවර ගෙන ඇත්තේ.
අද දිනයේ තරග 10 ක පමණ ආරම්භක වේලාවන් සංශෝධනය කර ඇති අතර පස්වරු 05 ට පෙර කිසිදු තරගයක් නොපැවැත්වීමටද තීරණය කෙරුණා.

තරගය අතරතුර විවේක කාල ලබාදීමේ ක්‍රමවේදයට ද සංශෝධන සිදුකර තිබෙනවා.
අද දිනයේදී මෙල්බන් නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

COMMENTS