අත්‍යවශ්‍ය ආහාර මිළ ගැන Woolworths ද තීරණයක් ගනී

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ වර්ග රැසක මිළ ගණන් අඩු කල හැකිදැයි සොයාබලන බව Woolworths සුපිරි වෙළඳසැල් ජාලය පවසනවා.

වෙළඳපොළ මිළ ගණන් පිළිබඳ සමීක්ෂණයක් සිදුකර ඒ සම්බන්ධ අවසන් තීරණයක් ගන්නා බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මීට මාස කිහිපයකට පෙර සිදුකල මිළ ගණන් අඩු කිරීම ලබන අප්‍රේල් 11 වනදා තෙක් එනම් පාස්කු සමය තෙක් පවත්වාගෙන යාමට Coles සුපිරි වෙළඳසැල් ජාලය පසුගියදා තීරණය කලා.

ඒ අනුව භාණ්ඩ වර්ග 300 කට අධික සංඛ්‍යාවකට එම සහනය හිමිවනවා.

Coles පවසන්නේ භාණ්ඩ වර්ග අතුරින් සියයට 82 කට පමණ මෙම වරප්‍රසාදය අත්වන බවයි.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »