මෙඩිබෑන්ක්ට එරෙහිව තවත් නීති සමාගම් 03 කින් නීතිමය පියවර

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන සෞඛ්‍ය රක්ෂණ සමාගමක් වන මෙඩිබෑන්ක් ආයතනය තුළ සිදුවූ පුද්ගලික දත්ත සොරාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් නීති සමාගම් 03 ක් විසින් නීතිමය පියවර ගෙන තිබෙනවා.

දත්ත සොරා ගැනීමට ලක්වූ පාරිභෝගිකයන් ලක්ෂ 97 කට වන්දි මුදලක් හිමි කර දීම එහි අරමුණ බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

රුසියානු සයිබර් ප්‍රහාරකයන් පිරිසක් විසින් එල්ල කල අදාළ සයිබර් ප්‍රහාරයේදී පැහැරගනු ලැබූ පුද්ගලික දත්ත අවස්ථා කිහිපයකදී අන්තර්ජාලය වෙත මුදා හැර තිබුණා.

මෙඩිබෑන්ක් දත්ත වංචාවේදී වින්දිතයන් බවට පත්වූ පාරිභෝගිකයන්ට වන්දි ගෙවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔස්ටේ්‍රලියානු තොරතුරු කොමිසම සමග ඒකාබද්ධව සිවිල් වැසියෙකු පළමු පැමිණිල්ල ගොණු කරනු ලැබුවා.

අනාවැකි පළවන්නේ මෙම නඩුකර අවසානයේදී මෙඩිබෑන්ක් සමාගමට දැවැන්ත වන්දියක් නියමවනු ඇති බවටයි.

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »