NSW ප්‍රාන්තවාසීන්ට නිවාස මුද්දර ගාස්තු නැවත ගෙවීම අද සිට

ගතවූ මාස 02 තුළදී පළමු වරට නිවසක් මිළදී ගත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට අදාළ මුද්දර ගාස්තු නැවත ගෙවීම අද සිට බලාත්මක වනවා.

ඉදිරි සති 02 තුළදී එම මුදල් ගෙවා අවසන් කරන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කලේ.

ඩොලර් ලක්ෂ 15 ක උපරිමයකට යටත්වන වටිනාකමක් සහිත නිවාස සඳහා මෙම සහනය හිමිවනු ඇති.

පුද්ගලයන් 2,500 කට පමණ මෙම වරප්‍රසාදය උදාවන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කර සිටින්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් මෙම දැනුම්දීම අද සිදුකරනු ලැබුවේ ලබන මාර්තු මාසයේ පැවැත්වෙන මැතිවරණයෙන් ජයගතහොත් මුද්දර ගාස්තු අහෝසි කරන බවට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත කම්කරු පක්ෂය පොරොන්දුවක් දී ඇති පසුබිමකදීයි.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »