වික්ටෝරියා පොලිසියට 40,000 ක් බඳවා ගනී

40,000 ක පිරිසක් සිය සේවයට බඳවා ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මීට පෙර පැවති සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම් කල පිරිස් සඳහාද ඊට අවස්ථාව පවතින බවයි ප්‍රාන්ත පොලිසිය කියාසිටියේ.

පාසල් හැර ගිය පුද්ගලයන් ආධුනික පොලිස් සාමාජිකයන් ලෙස බඳවා ගැනීමටද ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ මාලාවත් පැවැත්වීමටයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සූදානමින් පසුවන්නේ.

ස්වේච්ඡා කාර්යයන් හි නිරතවූවන්ට එහිදී වැඩි අවස්ථාවක් පවතින බවද වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලා.

ඉදිරි වසර 02 ක කාලය තුළදි වික්ටෝරියා පොලිසියේ පිරිස් බලය ශක්තිමත් කිරීමයි මෙහි අරමුණ වී ඇත්තේ.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »