ඔස්ටේ්‍රලියාව තුළ කෙටි පණිවිඩ වංචාවලට එරෙහි නව නීති

ඔස්ටේ්‍රලියාව තුළ කෙටි පණිවිඩ වංචාවලට එරෙහි නව නීති දැන් බලාත්මක වනවා.

නව නීති අනුව උපදෙස් කඩ කිරීම සිදු කළහොත් අදාළ සන්නිවේදන සමාගම්වලට ඩොලර් 250,000 දක්වා දඩයකට මුහුණ දීමට සිදුවනවා.

දත්ත වලට අනුව, 2021 වසරට සාපේක්ෂව මේ වසරේ මේ දක්වා කෙටි පණිවිඩ වංචා වලින් මුල්‍ය පාඩු 188% කින් ඉහළ ගොස් ඇතැයි සඳහන්.

මෙම නව නීති මගින් පාරිභෝගිකයින්ට වංචාවන්ට එරෙහිව වඩා හොඳ ආරක්ෂාවක් හිමිවනු ඇති.

ගතවූ මාස ​​16 තුළ, ඔස්ටේ්‍රලියානු දුරකථන අංකවලට ලැබුණු වංචා ඇමතුම් මිලියන 549 කට අධික ප්‍රමාණයක් අවහිර කර ඇති බවයි සන්නිවේදන සමාගම් වාර්තා කර ඇත්තේ.

එමෙන්ම වංචා ඇමතුම් පැමිණිලිවල විශාල පහත වැටීමක් සිදුවී තිබෙනවා.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »