වාර්ෂික Protection වීසා කෝටාව 50,000 දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලීමක්

වාර්ෂික Protection වීසා කෝටාව 50,000 දක්වා ඉහළ නංවන ලෙසට මානව හිමිකම් සංවිධාන විසින් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටිනවා.

මියන්මාරය සහ ඇෆ්ඝනිස්ථානය කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමුකරන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

2021-22 කාලසීමාවේදී ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජය විසින් මියන්මාර ජාතිකයන් වෙනුවෙන් නිකුත් කර ඇති Protection වීසා බලපත් සංඛ්‍යාව 1,600 කට අධිකයි.

මියන්මාර ජාතිකයන් සඳහා Protection වීසා ලබාදීමේ ක්‍රමවේදය වේගවත් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

විවිධ වීසා බලපත් මගින් දැනට ඔස්ටේ්‍රලියාවට පැමිණ සිටින මියන්මාර ජාතිකයන් 800 කට වැඩි පිරිසක් Protection වීසා අයදුම් කර ඇති බව සඳහන්.

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »