Search

සුපිරි වෙළඳසැල් රැසක නැවතත් Potato chips හිගයක්

ඔස්ටේ‍රලියාව පුරා සුපිරි වෙළඳසැල් රැසක නැවතත් අර්තාපල් ආශ්‍රිත නිෂ්පාදනවල හිගයක් නිර්මාණය වී තිබෙනවා.

මෙම වසර පුරා අවස්ථා කිහිපයකදී ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් අර්තාපල් අස්වැන්නට හානි සිදුවීම ඊට හේතුවයි.

එමෙන්ම රුසියානු – යුක්රේන යුධමය වාතාවරණය හමුවේ ඉන්ධන ඇතුලු අනෙකුත් සැපයුම් ජාලවලට සිදුවූ බලපෑම්ද තවත් හේතුවක් බවයි වෙළඳපොළ වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අනුව potato chips සහ french fries හිගයක් නිර්මාණය වී ඇති අතර එය තවත් මාස කිහිපයක් පුරා පවතිනු ඇති බවටද අනාවැකි පළවනවා.

මෙම තත්වයට මුහුණදීම පිණිස එක් පාරිභෝගිකයෙකුට එක් අවස්ථාවකදී මිළයට ගත හැකි french fries පැකට් ප්‍රමාණය 02 කට සීමා කිරීමටයි Coles සුපිරි වෙළඳසැල් ජාලය පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »