සාමාන්‍ය තත්වයට වඩා 2023 වසර තුළදී ඔස්ටේ්‍රලියාවට කුණාටු ඇතිවීමේ අවධානම සියයට 73 කින් වැඩි බවට අනාවැකි පළවනවා.
ඔස්ටේ්‍රලියාව තුළ සුළි කුණාටු වැඩිම කාල සීමාව ලෙස සැළකෙන්නේ නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලයයි.
ඔස්ටේ්‍රලියාවට ඉදිරි කාලයේදී බලපෑ හැකි සුළි කුණාටු 10 ක් සඳහා යොදන නම් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
පළමු සුළි කුණාටුවට යෙදීමට නියමිතව ඇත්තේ Darian යන්නයි.
අනතුරුව පිළිවෙලින් Ellie, Freddy, Gabrielle, Herman, Ilsa, Jasper, Kirrily, Lincoln and Megan යන නම් තැබීමට නියමිත බව ඔස්ටේ්‍රලියානු කාළගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කලා.
2022-23 කාල සීමාව තුළදි ඔස්ටේ්‍රලියාවට සුළි කුණාටු ගණනාවකින් බලපෑම් එල්ලවිය හැකි බවට අනතුරු ඇගවීමත් සමගයි මෙම නාමලේඛණය ප්‍රසිද්ධියට පත් කෙරුණේ.