U19 බාලිකා T20 ලෝක කුසලානයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ලොව පළමු වරට පවත්වනු ලබන අවුරුදු 19 න් පහළ බාලිකා පන්දුවාර 20යි 20යි ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ පළමු තරගයම ජය ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායම සමත්වුණා.

බෙනෝනි හි පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන්නා.

නියමිත පන්දුවාර 20 අවසානයේ ඔවුන්ට කඩුලූ 9 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 96 ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙව්මි විහංගා ලකුණු 11 කට කඩුලූ 03 ක් බිඳ හෙලුවා.

ලකුණු 97 ක ජයග්‍රාහී ඉලක්කයක් අතැතිව පිටියට පිවිසි ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ ලකුණු 100 ක් ලබා ගනිමින් සිය ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත්වුණා.

විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 34 යි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන මීළග තරගය හෙට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »