Search

බටහිර ඔස්ටේ්‍රලියා ලැව් ගිනි අනතුරු ඇගවීම පහළට

නිරිත දිග බටහිර ඔස්ටේ්‍රලියාවට පණවා තිබූ ලැව් ගිනි අනතුරු ඇගවීම පහත දමා තිබෙනවා.

කෙසේවෙතත් ජීවිත සහ දේපළවලට ඇති අවධානම තවදුරටත් පවතින බවයි ආපදා සහන අංශ පෙන්වා දෙන්නේ.

ප්‍රාන්තයේ ප්‍රදේශ සහ මාර්ග රැසකට බලපාන පරිදි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විසින් ඊයේ දිනයේදී ලැව් ගිනි අනතුරු ඇගවීම් නිකුත් කරනු ලැබුවා.

සතියකට ආසන්න කාලයක් පවතින මෙම ලැව්ගිනි තත්වය හමුවේ මේ වනවිට හෙක්ටයාර 6,000 කට ආසන්න භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබුණා.

ගිනි නිවීම් භටයන් 100 කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිටත් ගින්න පාලනය කිරීමට කටයුතු කරමින් සිටිනවා.