Search

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් මිලියන 08 කට දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලුවක්

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් මිලියන 08 කට පමණ කුමන හෝ දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලුවක් පවතින බව අනාවරණ වී තිබෙනවා.

ලක්ෂ 22 කට වැඩි පිරිසකට මානසික රෝග – ලක්ෂ 21 කට පමණ හන්දිපත් රුදාව සහ ලක්ෂ 20 කට පමණ ඇදුම රෝගය පවතින බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම රෝග අතුරින් රෝග 02 ක් පවතින බවට ප්‍රකාශ කර තිබූ සංඛ්‍යාව ලක්ෂ 15 කට ආසන්න වී තිබුණා.

එමෙන්ම 750,000 ක පමණ පිරිසක් පවසා තිබුණේ මෙම රෝග 03 න්ම තමන් පීඩා විඳින බවයි.

වයස් කාණ්ඩ සැළකිමේදී අවුරුදු 65 ට වැඩි ජනගහනයෙන් 3/5 ක් පමණ මින් එක් රෝගයකින් හෝ පීඩා විඳින අතර 15-34 වයස් කාණ්ඩයේ 1/5 ක් පමණ පවසා තිබුණේ තමන් එක් රෝගී තත්වයකින් හෝ පෙළෙන බවයි.

වයසින් අඩු පිරිස් අතර වැඩිපුරම දක්නට ලැබුණු දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලුව වන්නේ ඇදුම රෝගයයි.

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »