Child care සහනය නිසා ශ්‍රම බලකාය ඉහළ යන ළකුණු

child care සහනාධාරය ඉහළ දැමීමත් සමග නැවත ශ්‍රම බලකායට එක්වන ඔස්ටේ්‍රලියානුවන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

දළ වශයෙන් පවුල් ලක්ෂ 12 කට පමණ මෙමගින් සහන හිමිවනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

ඒ අනුව ආසන්න වශයෙන් පුද්ගලයන් 38,500 ක් පමණ යළි රැකියා සඳහා සම්බන්ධ වනු ඇති බව සඳහන්.

නව child care නීති අනුව ඩොලර් 80,000 ට අඩු ආදායම් ලබන පවුල් සඳහා ලබන ජූලි මාසයේ සිට child care සහනාධාරය සියයට 85 සිට සියයට 90 දක්වා ඉහළ දැමෙනු ඇති.

ආදායම වැඩිවන සෑම ඩොලර් 5000 ක් සඳහාම child care සහනය සියයට 01 බැගින් අඩුවන අතර ඩොලර් 530,000 ක් හෝ ඊට වැඩි ආදායමක් ලබන පවුල් සඳහා සහනාධාරයක් හිමිවන්නේ නැහැ.

child care ගාස්තු නියාමනයට පාරිභෝගික කොමිසමට වැඩි බලතල හිමිවීමද නව නීති අතර වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »