Search

ජොකොවිච් සමග ටෙනිස් ගැසූ මෙල්බන්හි 10 හැවිරිදි ලාංකිකයා

ලොව විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච්ගේ ප්‍රතිවාදි ටෙනිස් ක්‍රීඩකයා බවට පත්වීමට ඔස්ටේ්‍රලියාවේ වාසය කරන වයස අවුරුදු 10 ක ශ්‍රී ලාංකික දරුවෙකුට ඊයේ (13) අවස්ථාව හිමිවුණි.

ඒ ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියට සමගාමීව පැවති ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගාවලියකදීයි.

මෙල්බර්න්හි පැවති මෙම ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගය සඳහා එක්වුණේ ලොව විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩකයා ලෙස සැළකෙන සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ඔස්ටේ්‍රලියා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයේ පසුවන නික් කිරියෝස් ය.

එම තරගයේදී ජොකොවිච් සහ නික් කේවල තරගයකට, රෝද පුටු ක්‍රීඩකයෙක් සමග යුගල ටෙනිස් තරගයකට සහ තවත් යුගල ටෙනිස් තරගයකට ක්‍රීඩා කලහ.

මෙහිදි නික් කිරියෝස්ගේ සහාය ක්‍රීඩකයා ලෙස පිටියට එක්වුණේ ශ්‍රී ලාංකිකයෙකු වන දසහැවිරිදි වියේ පසුවන තාදි කරුණානායකයි.

තාදි, මෙල්බර්න් කනිෂ්ඨ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට අංක දෙක ස්ථානයේ පසුවනවා.

මෙවැනි ප්‍රධාන පෙළේ ටෙනිස් තරගාවලියක් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ තාදි වීමද විශේෂත්වයක්.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »