
ඔස්ටේ්‍රලියාව තුළ පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග කිහිපයක මිළ ගණන් පහළ දමා තිබෙනවා.
ඒ අනුව මෙතෙක් ඩොලර් 5600 කට මිළ කර තිබූ ඖෂධයක මිළ ඩොලර් 42.50 දක්වා අඩු කර ඇති අතර වරප්‍රසාද කාඩ් හිමියන්ට එය ඩොලර් 6.80 කට මිළදී ගත හැකියි.
එමෙන්ම මේ දක්වා අඛණ්ඩ ඖෂධ මාත්‍රාවක් සඳහා ඩොලර් 92,000 ක් වියදම් වන ඖෂධ වර්ගයක මිලද ඩොලර් 42.50 දක්වා අඩු කර තිබෙනවා.

එම ඖෂධයද වරප්‍රසාද කාඩ් හිමියන්ට ඩොලර් 6.80 කට මිළදී ගත හැකියි.
මෙම ඖෂධ වර්ග ද්විත්වයම මරණාසන්න පිළිකා රෝගීන් සඳහා ලබාදෙන බැවින් වසරකට පිළිකා වැළඳීමෙන් මියයන 1500 කට ආසන්න පිරිසකගේ දිවි ගලවා ගැනීමට මෙමගින් හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
