දකුණු ඔස්ටේ්රලියා ප්රාන්තයේ අඩු ආදායම්ලාභීන් සහ විවිධ වරප්රසාද කාඩ්පත් හිමියන් සඳහා ජීවන වියදම් දීමනා ගෙවීම ආරම්භ කර තිබෙනවා.
ඒ යටතේ නිවාස හිමියෙකුට එක් වරක් පමණක් ගෙවන ඩොලර් 449 ක දීමනාවක්ද කුළියට සිටින අයෙකු නම් ඩොලර් 224.60 ක මුදලක්ද හිමිවනු ඇති.
මෙය මෙතෙක් ගෙවන ලද දීමනාව දෙගුණයකින් ඉහළ දැමීමක් වීම විශේෂත්වයක්.
එමෙන්ම ගෙවීම් සිදුකිරීම මාස කිහිපයකින් ඉදිරියට ගෙන ඇති බවත් දකුණු ඔස්ටේ්රලියා ප්රාන්ත රජය නිවේදනය කර සිටිනවා.
සතියකදී මෙලෙස ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 78 ක්.