2025 වනවිට ඔස්ටේ්‍රලියා රජයේ සියලූ සේවා ඔන්ලයින් ක්‍රමයට

2025 වසර වනවිට රජයේ සියලූ සේවා කටයුතු ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යාමට ඔස්ටේ්‍රලියා ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් මෙමගින් දැඩි දුෂ්කරතාවයකට පත්වන බවයි දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල වාසය කරන විශාල පිරිසක් පෙන්වා දෙන්නේ.

ඔස්ටේ‍රලියාවේ සමස්ත ජනගහණයෙන් සියයට 11 කට මෙතෙක් අන්තර්ජාල පහසුකම් නොමැති බව නවතම අධ්‍යයනයක් පසුගියදා අනාවරණය කලා.

එනම් මිලියන 25 ක් වන මුලූ ජනගහණයෙන් ලක්ෂ 28 කට ආසන්න පිරිසකට අන්තර්ජාල පහසුකම් නොමැති හෝ අන්තර්ජාලය භාවිත කිරිමට අවබෝධයක් නොමැති බවයි තහවුරු වී ඇත්තේ.

ඔවුන් අන්තර්ජාල බැංකුකරණය වැනි කටයුතු සිදුකිරීමේදී ඉමහත් දුෂ්කරතාවයකට මුහුණදෙන බවත් මෙම වාර්තාව අනාවරණ කරනවා.

අන්තර්ජාල පහසුකම් නොමැතිවීම හමුවේ ලැව්ගිනි හෝ ආපදා වැනි අවස්ථාවලදී තමන් දැඩි අසීරුතාවන්ට මුහුණපාන බව දුෂ්කර ප්‍රදේශවල ජනතාව පවසා තිබුණා.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »