ඔස්ටේ්‍රලියාවේ වැඩිම කාලයක් පැවති ළමා ක්‍රීඩාගාරයක් වැසේ

ඔස්ටේ්‍රලියාවේ වැඩිම කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ ගෘහස්ථ ළමා ක්‍රීඩාගාර අතුරින් එකක් වන නිව් කාසල් හි මෙගාමේනියා (Megamania) වසා දැමීමට තීරණය කර තිබෙනවා.

1997 වසරේ සැප්තැම්බර් මාසයේදී පළමුවෙන් විවෘත කල දිනයේදීම ළමුන් 450 කට ආසන්න පිරිසක් ඊට පැමිණ තිබුණා.

අදාළ බදු කාල අවසන්වීම හමුවේ ලබන 29 වනදා සිට මෙම ක්‍රීඩාගාරය වසා දැමීමට තීරණය කල බවයි මෙගාමේනියා පාලනාධිකාරිය පවසන්නේ.

වෙනත් අයෙකුට පැවරීම සඳහා 2019 වසරේ සිටම උත්සාහ කලද එය සාර්ථක නොවූ බැවින් මෙම තීරණය ගැනීමට සිදුවන බවත් ඔවුන් කියාසිටියා.

ගතවු වසර 25 තුළදී උපන්දින සාද 25,000 කට වැඩි සංඛ්‍යාවක් මෙම ස්ථානයේදී පවත්වා තිබීමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »