වික්ටෝරියාවට ඉදිරි දින 05 දී දැඩි උණුසුමක්

අද සිට ලබන බදාදා දක්වා කාලය තුළ මෙල්බන් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා පවතිනු ඇති බවට කාළගුණ විද්‍යා කාර්යාංශය අනාවැකි පළකරනවා.

ඇඩිලේඩ් නගරයේද මෙම තත්වය පවතිනු ඇති බවත් ක්වීන්ස්ලන්ඩ් උතුරු ප්‍රදේශවලට දැඩි වර්ෂා තත්වයක් බලපානු ඇති බවත් සඳහන්.

ඇතැම්විට මෙල්බන් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ක් පමණ දක්වාද ප්‍රාදේශීය කලාපවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පමණ දක්වාද ඉහළ යනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

එළිමහන් කටයුතුවල නිරතවන වික්ටෝරියානුවන්ට දැඩි උණුසුමට මුහුණදීම සඳහා ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

ලබන බදාදායින් පසු මෙම උණුසුම් කාළගුණය තරමක් අඩුවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »