දකුණු ඕස්ට්‍රේලියා-වික්ටෝරියා COVID දේශ සීමා සැලකිය යුතු මට්ටමට ලිහිල් කිරීමට සැරසේ!

දකුණු ඕස්ට්‍රේලියා-වික්ටෝරියා COVID දේශ සීමා සැලකිය යුතු මට්ටමට ලිහිල් කිරීමට සැරසේ!

SA-VIC COVID border restrictions to be ‘significantly’ relaxed as cases slow!

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය දින කිහිපයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන සැලකිය යුතු මට්ටමින් පහත වැටුණු හෙයින් දකුණු ඕස්ට්‍රේලියා දේශසීමා සීමාවන් සැලකිය යුතු ලෙස ඉදිරියේදී ලිහිල් කිරීමට අපේක්‍ෂා කෙරේ.

පොලිස් කොමසාරිස් Grant Stevens පවසන්නේ “සැලකිය යුතු” දේශසීමා නීති ලිහිල් කිරීම මඟින් වික්ටෝරියා හි සිට දකුණු ඕස්ට්‍රේලියාවට පදිංචියට යාමට අපේක්ෂා කරන පුද්ගලයින්ට​ ඉඩ ප්‍රස්ථා ලැබෙනු අතර ඒ සඳහා ඉල්ලුම් කිරීමකින් තොරව එසේ කිරීමට ඉඩ සලසන බවයි. කෙසේ වෙතත්, ඔවුන් දින 14 ක් නිරෝධායනය කිරීම අවශ්‍ය වේ.

වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියාව අතර කිලෝමීටර් 70 ක ‘බුබුල’ තුළ ගමන් කිරීමට දේශසීමා ප්‍රජාවන්ට තවදුරටත් හේතුවක් අවශ්‍ය නොවනු ඇත.

බටහිර ඕස්ට්‍රේලියාවේ සිට දකුණු ඕස්ට්‍රේලියාව හරහා වික්ටෝරියා වෙත සංක්‍රමණය වන පුද්ගලයින්ට එය නිදහසේ  කළ හැකිය.
පාසැල් හෝ විශ්ව විද්‍යාල වාරය අවසානයේ සිසුන්ට වික්ටෝරියා සිට දකුණු ඕස්ට්‍රේලියාවට යාමට අවසර දෙනු ඇත, නමුත් දින 14 ක් නිරෝධායනය කිරීම අවශ්‍ය වේ.

වර්තමාන සීමාවන් යටතේ, අවසර ලබා දී ඇති අයට පමණක් වික්ටෝරියා සිට දකුණු ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර ඇත.

 

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »